නව සභාපතිවරයෙක් පත් කර ගන්නවා - දුමින්ද

April 19, 2024 - 12:02 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව එක් වී පක්ෂයට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසනවා.

ඊයේ (18) කොළඹ පැවති  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අසාධාරණයට ලක් වූ සියලුම ආසන සංවිධායකවරුන්ට සහ සෙසු සියලු දෙනාට පක්ෂයේ දොරටු විවෘතව තිබෙන බවයි.

එහිදී අදහස් පළ කළ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිලෙසකින් වෙනත් පක්ෂයකට හේත්තු කිරීමට තම කණ්ඩායමට කිසිදු අදහසක් නොමැති බවයි.  

(xanin.lk)