ශ්‍රීලනිප රැස්වීමක් අද
April 08, 2024 - 9:21 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (08) පෙරවරු 10.00ට පදනම් ආයතනයේ කැඳවා තිබෙනවා.
ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපති ලෙස කටයුතු කිරීම වළක්වමින් ලැබුණු නියෝගය සහ පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගත වීම වැනි අර්බුදකාරී තත්වයන් හමුවේ පක්ෂයේ ඉදිරි කියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්.
එහිදී පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එහි මුලසුන දැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම රැස්වීම සඳහා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් යන සාමාජිකයින් හැර අනෙකුත් සාමාජිකයින් කැඳවා තිබෙනවා.
(xanin.lk)