ශ්‍රීලනිප මූලස්ථානයේ අගුලු අරියි

April 29, 2024 - 12:47 PM
අගුලු දමා තිබූ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් විසින් යළි විවෘත්ත කළා.

ඒ, එහි විමර්ශන කටයුතු සඳහා මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් ලිපි ලේඛන කිහිපයක් අස්ථානගත වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සඳහා පොලීසිය විසින් පසුගිය අප්‍රේල් 6 වැනිදා එම පක්ෂ මූලස්ථානයට අගුලු දමා තිබුණා.

(xanin.lk)