විජයදාසගේ පෙත්සම ගැන තීරණය අද

May 15, 2024 - 8:34 AM
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඊයේ (14)පෙත්සමක් ගොනු කළා.

ඒ අනුව එලෙස වාරණ නියිගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න නියෝගය අද (15) ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක, විජයදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන අය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දෙපාර්ශවයේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් සිය නියෝගය නිකුත් කිරීමට නියමිතයි.

(xanin.lk)