ශ්‍රීලනිප විජයදාස අතට යන එක ගැන අපි සතුටුයි - උදය

April 22, 2024 - 12:46 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්ව මතවාදය විනාශ කර කුණු කූඩෙට දැමු චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියට වඩා විජයදාස රාජපක්ෂ අතට එම පක්ෂය යෑම පිළිබඳව සතුටු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

කෙසේ වෙතත් ඔහු පෙන්වා දෙන්නේ විජයදාස රාජපක්ෂ මහතාත් ආණ්ඩුවේ සාමාජිකයෙක් වන බවත් රජයට පවරාගත් නිදහස් පක්ෂය යන තත්වය වෙනස් වීමට නම් විජයදාස රාජපක්ෂ මහතා ඇමති ධූරයෙන් ඉවත් වී විපක්ෂයේ දේශපලනයට එක් විය යුතු බවයි.  

(xanin.lk)