පක්ෂයට සභාපතිවරයෙක් පත් කර ගන්න ආකාරය දයාසිරි කියයි

April 19, 2024 - 2:12 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිවැරදි නායකයෙක් පත් කර ගැනීමට නම් විධායක සභාව කැඳවා ඊට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තම නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලය කිරුළපනදී අද (19) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා වන මෛත්‍රීපාල සිරෙසෙන මහතාට තවමත් පක්ෂයේ බහුතරයකගේ සහය ඇති බවයි.

(xanin.lk)