විදේශවල සිර වී සිටින ලාංකිකයින් මුදා ගැනීමට සජබයෙන් කණ්ඩායමක්

May 23, 2024 - 3:18 PM
මියන්මාරයේ සහ රුසියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීම සඳහා කටයුතු සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මඟපෙන්වීම මත සමගි ජන බලවේගයේ නියෝජිතයන් තිදෙනකු එම රටවල්වලට යැවීමට තීරණය කර තිබෙනවා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන පවසා මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින තරුණයන් සහ වැඩි වැටුපකට රැකියා ලබා දෙන බව පවසා රුසියාවට ගෙන ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙළ සඳහා බලහත්කාරයෙන් යොමු කර සිටින ශ්‍රී ලාංකිකයන් මුදවා ගෙන ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල, කේ. සුජිත් සංජය පෙරේරා සහ වසන්ත යාපා බණ්ඩාර මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් විපක්ෂයක් ලෙස එම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ හැකි දේ සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතයි.

(xanin.lk)