තම පාලනයක් යටතේ IMF සංශෝධනය කරන බව සජිත් කියයි

April 16, 2024 - 9:23 AM
මීළඟ අලුත් අවුරුද්ද වන විට අනිවාරෙන්ම IMF සමඟ සාකච්ඡා කර ජනතාවාදී සහ පොදු ජනතාවට හිතැති IMF ගිවිසුමක් සමඟ රටේ ආර්ථිකය ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (15) හම්බන්තොට පැවති 156 වැනි සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින්.  

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්තමාන පාලනය ජනතාවාදී පාලනයක් නොව අමානුෂීය පාලනයක් බවත් මේ වන විටත් ඔවුන් IMF සමඟ රටේ ජනතාවට මෙලෙස දුක් දිය නොහැකි බව ප්‍රකාශ කර ඇති බවයි.

(xanin.lk)