සජිත්ගෙන් සහතිකයක්

April 10, 2024 - 12:51 PM
රට බංකොලොත් වීමට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන රටෙන් කොල්ල කෑ අරමුදල් නැවත ලබා ගෙන එම අරමුදල් ජනතා සුභ සිද්ධියට යොදා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වළ වැඩසටහනේ 150 වැනි අදියර යටතේ පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙරටට සම්පත් ලබා ගැනීමේ ගමනට තමන් සමඟ කිසිවෙකුටත් හැප්පිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.  

(xanin.lk)