විවාදය පිළිබඳ NPP ලිපියට නලින්ගෙන් පිළිතුරු
April 23, 2024 - 12:58 PM
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය පැවැත්වෙන දිනය තීරණය කළ යුත්තේ පාර්ශව දෙකම ඒකාබද්ධව සිදු කරන සාකච්ඡාවකින් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් යොදා ගෙන ඇති වැඩසටහන් හේතුවෙන් ජාතික ජන බලවේගය විසින් ඒක පාර්ශිකව තීන්දු කළ දිනයන්හි විවාදය පැවැත්විය නොහැකි බවයි.
කෙසේ වෙතත් අප්‍රේල් 25 හෝ 26 යන දිනවලින් එකක නලින්ද ජයතිස්ස මහතා සමඟ පාර්ලිමේන්තුව තුළදී මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා කරන බවයි ඔහු කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැයි මාසය තුළ පක්ෂ දෙකේ නායකයින් අතර මෙන්ම ආර්ථික කමිටු අතර විවාදයද පැවැත්විය යුතු බවයි.
(xanin.lk)