ගත්ත බාර් ලයිසන් ආපසු දෙන්න කියයි
May 30, 2024 - 8:51 AM
රජයෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත්‍තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස පක්ෂ නායකයන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් 6ක් විවෘත කිරීමට රජය බලපත්‍ර ලබාදී ඇති බව එම ප්‍රදේශයේ නායක හිමිවරුන් පවසන අතර ඉන් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ලබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඒ සම්බන්ධයෙන් එම නායක හිමිවරු සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී පැමිණිලි කර ඇති අතර විපක්ෂ නායකවරයා එම මත්පැන් බලපත්‍රය වහාම රජයට නැවත බාර දෙන ලෙස එම මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)