මැතිවරණ දෙකටම සූදානම් - මැතිවරණ කොමිසම

May 20, 2024 - 1:32 PM
ජනාධිපතිවරණයකට මෙන්ම මහ මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ නීත්‍යානුකූලව ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය නිකුත් කළ හැකි බවත් මහ මැතිවරණයේ නාමයෝජනා කැඳවන දිනය සහ තේරී පත් වන පාර්ලිමේන්තුව නැවත රැස් වන දිනය යන කරුණුද එකම ගැසට් නිවේදනයේ තුළ ඇතුළත් වන බවයි.

එළඹෙන ජූලි 17 වැනිදායින් පසුව ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කර හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

(xanin.lk)