ජනතාව වෙනුවෙන් ඕනෑම තැනකට යෑමට සූදානම් - මිහින්තලේ රජමහා විහාරාධිපති

July 03, 2024 - 10:02 AM
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත්  රටේ ජනතාව වෙනුවෙන් ඊට  සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළා.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ  නොව ඕනෑම තැනකට යෑමට  සූදානම් බව පැවසූ  වලවාහැංගුණ වැවේ   නාහිමියෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත්  ඉල්ලීම් විශාල සංඛ්‍යාවක්  ලැබී ඇතැයිද සඳහන් කර සිටියා.

පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බව පැවසූ වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළා.

මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මෙසේ සඳහන් කර සිටියා.
(xanin.lk)