රංජිත් මද්දුම බණ්ඩාර යළි එජාපයට ගන්න තීරණයක්

June 03, 2024 - 12:15 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (02) තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමටද මෙහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා 2020 වසරේදී සමගි ජනබලවේගය සමඟ එක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හිටවනු ලැබුවා.

(xanin.lk)