ජනපති රනිල් ඉන්දුනීසියාවේ සමුද්‍ර කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
May 20, 2024 - 9:44 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය හා ආයෝජන කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය Luhut Binsar Pandjaitan මහතා හමු වී තිබෙනවා.
එම හමුව ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු නිල සංචාරයේදී ඊයේ (19) කුරා කුරා බාලි දූපතේ එක්සත් විවිධත්ව බාලි මණ්ඩපයේ (UIDBC) සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
මෙම සාකච්ඡාවේදී ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය, ශ්‍රී ලංකාවේ නිවර්තන කලාප මුලපිරීම, නිල් ආර්ථිකය සහ මුහුදු පැලෑටි කර්මාන්තය වැනි ප්‍රධාන මාතෘකා ආවරණය කර තිබෙනවා.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ විධායක නිලධාරී ආචාර්ය අනිල් ජාසිංහ සහ ප්‍රධාන ශ්‍රී ලංකා නියෝජිතයින් එම අවස්ථාවට එක්ව සිටියා.
(xanin.lk)