රටේ ජනමතය තිබෙන්නේ රනිල්ට - සමන් රත්නප්‍රිය

June 14, 2024 - 4:39 PM
රටේ ජනමතය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

35%ක් 40%ක් තවමත් ඡන්දය ලබා දෙන්නේ කාටදැයි තීරණය කර නොමැති බවත් ඔවුන්ගේ මනාපය ඇත්තේ කාටද යැයි තමන් දන්නා බවත් ඔහු කියා සිටියා.

රට වැටී තිබූ අවස්ථාවේ තනියම රට භාරගත් නායකයා රනිල් වික්‍රමසිංහ බව සමන් රත්නප්‍රිය වැඩිදුරටත් සඳහන් කළා.

අද (14) මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් කියා සිටියා.

(xanin.lk)