රනිල් - සජිත් - අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම අපරාධයක්

June 17, 2024 - 7:50 PM
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක් බව සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔවුන්ගේ පක්ෂ තුනේ නම්වල කොටස් එකතු කොට එක්සත් සමඟි බලවේගය නමින් පක්ෂයක් බිහිකර එමඟින් එක් අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කළ යුතු බව ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම තිදෙනාගේම ප්‍රතිපත්ති සමාන වීම එසේ කිරීමට හේතුවන බවයි.
 
අද කොළඹ පැවැති සර්වජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළා.

(xanin.lk)