ජනපති අපේක්ෂකත්වය ගැන රනිල් බැසිල් තීරණාත්මක සාකච්ඡාවක්
July 27, 2024 - 3:09 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවැත්වුණා.
එහිදී ජනාධිපති අපේක්ෂකත්වයපිළිබඳව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සදහා සියයට තිහක්, පළාත් සභා සඳහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතළිහ බැඟින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එසේම බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා සියයට අනූවක්, පාර්ලිමේන්තුව සඳහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සඳහා සියයට හැත්තෑවක් ඉල්ලා ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ අතර මේ ඉරිදා (28) නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.
(xanin.lk)