ජනපති IMF නියෝජිතයන් සමඟ දෙවන දිනටත් සාකච්ඡා අරඹයි

October 04, 2024 - 4:17 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනට අද (04) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

මෙම විශේෂ සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් යන අය ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත්කර ඇති මෙරට නියෝජිත කණ්ඩායම මේ සඳහා එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

 
(xanin.lk)