ජනාධිපතිවණය ගැන ජනපතිගේ නිල ප්‍රකාශය ජූනි මාසයේදී
May 21, 2024 - 2:13 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බවත් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු සඳහන් කළේ රනිල්, ජනපති තරඟයට ඉදිරිපත් වන්නේ එජාපය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව, සියලු දෙනාටම එකඟ විය හැකි සහ එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස, පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බවත් එජාප පක්ෂිකයින් වසර ගණනාවක සිට බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙන යාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන බැවින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වන බවත් ඔහු සඳහන් කළා.
(xanin.lk)