මුලින් පවත්වන මැතිවරණය ගැන ජනපතිගේ ප්‍රකාශය

May 21, 2024 - 9:20 AM
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළමුව ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (20) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී.

පළමුව පැවැත්වෙන්නේ මහ මැතිවරණය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග නොකරන බවත් උදයංග වීරතුංග, ඩිලාන් පෙරේරා වැනි අය ප්‍රකාශ කළත් ඔවුන් එවැනි ප්‍රකාශ සිදු කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීමට බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

(xanin.lk)