ජනපති අලුත් ලකුණකින් ජනපති සටනට

April 10, 2024 - 5:36 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ලකුණක් යටතේ නව සන්ධානයකින් තරග වදින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහචාර්ය ආශු මාරසිංහ පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා ජාතික අපේක්ෂකයෙකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය කරනු ඇති අතර අලියා ලකුණින් හෝ පොහොට්ටුව ලකුණින්  තරග කිරීමේදී වෙනත් පක්ෂවලට ඔහුට සහය දීමේදී ගැටළු මතු වන බවත් ඔහු අවධාරණය කළා.

(xanin.lk)