ජනපති මැයි රැළි දෙකකට එක්වෙයි
April 30, 2024 - 12:11 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වීමට නියමිතයි.
ඒ අනුව කොටගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු 2.00ට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට සහභාගී වන බවයි වාර්තා වන්නේ.
ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන වතු කම්කරුවන්ගේ මැයි දින රැළියේදී ජනාධිපතිවරයා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතයි.
(xanin.lk)