ජනපති ඉරානයට ශෝකය පළ කරයි
May 20, 2024 - 4:45 PM
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් එලෙස සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
'ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇත. අභාවයට පත් වූවන්ගේ පවුල්වලට, ඉරාන රජයට සහ ඉරාන ජනතාවට මගේ බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරමි. ජනාධිපති රයිසිගේ සහ ඔහුගේ දූත පිරිසගේ පවුල්වලට අපගේ සිතුවිලි සහ යාඥාවන් සිදු කරන්නෙමු.'
(xanin.lk)