ජනාධිපති, අගමැති සහ ආණ්ඩු ජනතා සේවකයන් - සජිත්

May 16, 2024 - 9:26 AM
ජනාධිපති, අගමැති සහ ආණ්ඩු අවුරුදු 5 කට පත් කරන රටක තාවකාලික භාරකරුවන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සක්වළ වැඩසටන යටතේ අනුරාධපුර කලා වැව ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත්  සඳහන් කළේ සමගි ජන බලවේගය බිහි කරන ආණ්ඩුවේ මහජන ඡන්දයෙන් පත් වන ජනාධිපතිවරයා සිට සෙසු සියලුම දෙනා පොදු ජනතාවගේ සේවකයින් බවයි.

(xanin.lk)