මනාප ක්‍රමය ඉවත් කළ යුතුයි - වජිර

May 14, 2024 - 10:57 AM
රටේ ජාතිය කුලය විනාශ කළ මනාප ක්‍රමය නැති කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මනාප ක්‍රමයේදී සිංහල අය සිංහල අයටත්, දෙමළ අය දෙමළ අයටත්, මුස්ලිම් අය මුස්ලීම් අයටත් ඡන්දය දීම හේතුවෙන් ජාතිය බෙදී ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 12 වැනිදා ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින්.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිස වෙන කෙනෙක් නොවන බවත් රට යථා තත්වයට පත් කරන්නෙත් පත් කළේත් රනිල් වික්‍රමසිංහ බවයි.

(xanin.lk)