පොහොට්ටුවයි අලියයි එකතුවී ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරන්නේ නැහැ - නාමල්

July 20, 2024 - 12:36 PM
රටේ දේපළ විකුණා රට පාලනය කරවීම වෙනුවට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි අයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්වී ජනාධිපති අපේක්ෂකයෙක් පත් නොකරන බවයි.

ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රටේ ණය ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයෙක් බව මන්ත්‍රීවරයා සඳහන් කළා.


(xanin.lk)