පොදුජන පෙරමුණේ පිරිසක් සජිත් සමඟ එක්වෙයි

June 21, 2024 - 6:11 PM
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමේ අරමුණින් සමඟි ජන බලවේගයට එක් වී තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ නිමල් රංජිත් වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සමන්ත කපිල රත්නායක, හේමාවතී කුමාරිහාමි සහ භාරත රණසිංහ ඇතුළත්.

(xanin.lk)