විජයදාසගේ පෙත්තම පිළිබඳ කරුණු දැක්වීමට අවසර

May 15, 2024 - 11:29 AM
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඊයේ (14)පෙත්සමක් ගොනු කළා.

එම නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද (15) අවසර ලබා දුන්නා.

කෙසේවෙතත් කඩුවෙල දිසා අධිකරණය විසින් විජයදාස සභාපතිවරයාගේ කටයුතුවලට බාධා නොකරන ලෙසට වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇතත් පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙන්වාදී ඇත්තේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා කඩුවෙල දිසා අධිකරණයේ නියෝගයටවලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන තිබෙනවා.

ඒ අනුව එම වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු දැක්වීම් අද (15) පස්වරු 1.00ට සිදු කිරීමට නියමිතයි.

(xanin.lk)