ජනපතිට ජනතා සංදේශයක්

May 10, 2024 - 11:13 AM
නව සන්ධානයේ ඒකාබද්ධ වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් විශේෂ සංදේශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (09) භාර දී තිබෙනවා.

ඒ, ජනතා අරගලයට වසර 2ක් සපිරෙන දිනය වන විට ජනතාවගෙන් බහුතරයක් සතුටින් තැබීමේ ගෞරවය ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහායි.

මැයි 09 වැනි දිනට අරගලයට වසර 2ක් සපිරීම හා මෙරට දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම වෙනුවෙන් ප්‍රදානය කරන ඓතිහාසික ජනතා සංදේශය ලෙස එය නම් කර තිබෙනවා.

අනධිපතිවරයා රට වෙනුවෙන් කළ කැප කිරීම්, දුෂ්කර තින්දී තීරණ ගැනීම ආදිය එම සංදේශය මඟින් අගය කර ඇති අතර ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි සුබපැතුම්ද එක් කර තිබෙනවා.

(xanin.lk)