පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වෙයි

October 14, 2024 - 8:43 PM
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන ප්‍රථම අවස්ථාවද මෙය බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල ද හෙට (15) දිනයේදී තීරණය කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රයද නිකුත් කරන බවයි.

ඊට අමතරව මෙහිදී මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.


(xanin.lk)