පාර්ලිමේන්තුව වෙසක් පෝයට පෙර රැස්වෙයි
May 17, 2024 - 5:43 PM
පාර්ලිමේන්තුව එළඹෙන මැයි 22 වැනිදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.
ඒ අනුව මැයි 22 වනදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව පෙ.ව. 9.45 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද නියමිතයි.
(xanin.lk)