ලබන සතියේ පාර්ලිමේන්තුව 21 පමණක් රැස්වෙයි

August 16, 2024 - 9:53 AM
එළඹෙන සතියේ පාර්ලිමේන්තුව බදාදා දිනයේ පමණක් රැස් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 21 වන බදාදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සුරාබදු ආඥා පනත යටතේ 2366/39 අංකය දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)