පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වෙයි

May 30, 2024 - 4:00 PM
පාර්ලිමේන්තුව ලබන 04 වැනිදා සිට 07 වැනිදා දක්වා රැස්වීමට පසුගිය 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ  ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ජූනි 06 වැනිදා පැවැත්වීමට එම කාරක සභාවේදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එදින (06) වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන් කර තිබෙනවා.

(xanin.lk)