පාස්කු වන්දි ගෙවා අවසන් කරන ලෙස මෛත්‍රීපාලට නියෝග
July 15, 2024 - 5:28 PM
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට අදාළව වන්දි මුදල අගෝස්තු 30 වන දාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 15 ) නියෝග කර තිබෙනවා.
මෙම වන්දි මුදල ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයටයි.
මෙම පුද්ගලයන් එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වන දාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග ඇත්තේ.
(xanin.lk)