නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

November 16, 2024 - 11:40 AM
දසවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වනදා පස්වරු 3.00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සභා වාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් බලතල හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ සෑම නව සභා වාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරන බවයි.

එහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා.

අදාළ නිවේදනය පහතින්,





(xanin.lk)