මෛත්‍රීට නොතීසි
May 31, 2024 - 9:04 AM
අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගෝ සරත්චන්ද්‍ර විසින් ඊයේ (30) පෙත්සමක් ගොනු කළා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජූලි 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කරමින් අභියාචනාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ නොතීසි නිකුත් කළා.
(xanin.lk)