හිරුණිකාට නොතීසි

April 18, 2024 - 9:02 AM
අධිකරණයට අපහස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැයි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු පාර්ලිමේන්ති මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අභියාචනාධිකරණය විසින් ඊයේ (17) නොතීසි නිකුත් කළා.

ඒ, ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක චූදිතයෙකුට ඇප ලබා දීමේ සිද්ධියට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙමින් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාවගේ විශ්වාසය බිඳ දමා අපහස කිරීම හේතුවෙන් එම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(xanin.lk)