මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

April 10, 2024 - 6:03 PM
2024 ඡන්ද හිමි නාමලේඛනය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛනය, ඉන් ඉවත් කිරීමට යෝජිත නම් සහ ඊට ඇතුළත් කිරීම නියමිත නම් ලැයිස්තු සියලුම මැතිවරණ කාර්යාල / දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බව එහි සඳහන්.

එය පරීකෂා කර තම නම ලියාපදිංචි වී නොමැති නම් ඒ සඳහා වූ හිමිකම් ඉල්ලීමක් සිදු කිරීමටද, සුදුසුකම් නැති අයෙකුගේ නම ලියාපදිංචි වී ඇත්නම් ඊට එරෙහිව විරෝධතාවක් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය සඳහා මැයි 6 වැනිදා දක්වා කාලය පවතින බවයි එම කොමිසම සඳහන් කළේ.

ඊට අදාළ ආකෘති ඉහත සඳහන් නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථානවලින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. (https://elections.gov.lk/)

(xanin.lk)