සජබෙ කවුරුත් රනිල් ළඟට යන්නේ නැහැ - තිස්ස

June 17, 2024 - 6:58 PM
ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමඟ එක්වීම සඳහා මේ වනවිට සමඟි ජන බලවේගය සහ ඔවුන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වන බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම ස.ජ.බලවේගයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවට අසත්‍ය චෝදනා සමාජගත කළද කිසිවිටෙකත් සජබ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වීමට සුදානම් නොමැති බව ඔහු අවධාරණය කළා.

ඊයේ (16) සවස වැල්ලවත්ත ප්‍රදේශයේ පක්ෂයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

(xanin.lk)