ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව ජාජබයෙන් නඩු
May 23, 2024 - 6:25 PM
පාර්ලිමේන්තුවට ඊයේ (22) ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සහ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතල පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙවැනි පනතක් සඳහා වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් ඉල්ලීමක් නොමැති පසුබිමක මෙම පනත ගෙන ඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේගය එම පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් එම පනතින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සහ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර එයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් සිදු කරන බවයි.
(xanin.lk)