මිත්‍රපාලට නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට නොහැකි වෙයි

April 09, 2024 - 12:36 PM
පොලිස් නිලධාරීන් සමඟ අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා එහි අගුළු විවෘත කිරීමට උත්සහ කළා.

එහිදී තවත් පිරිසක් විසින් එහි දොරටුවට වෙනත් ඉබියතුරු දමා වසා තිබීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වූ අතර යතුරු නොලැබීම නිසා මිත්‍රපාල මහතා ද දොරගුළු තවදුරටත් දැඩි කර එම ස්ථානයෙන් පිටව ගියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පැනවූ වාරණ නියෝගයට නීතිමය කටයුතු ලබන 18 වැනිදා ආරම්භ කරන බවයි.

(xanin.lk)