අධිකරණ ඇමති පොහොට්ටුවේ ව්‍යවස්ථාව කඩකරයි

June 08, 2024 - 1:47 PM
ආචාර්ය විජයදාස රාජපක්ෂට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ඒ වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධූරයක් ලබා ගැනීම සැළකිල්ලට ගෙනයි.

මෙම කාරණය විනය මණ්ඩලයට යොමු කළ බවත් විනය මණ්ඩලයේ වාර්තාව පසුගියදා පක්ෂයට ලැබුණු බවත් ඔහු කියා සිටියා.

එහිදී විජයදාස රාජපක්ෂ එසේ කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බවයි විනය මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.

(xanin.lk)