මාලිමාවේ මැයි රැළි හතර කොනේ
April 23, 2024 - 10:53 AM
ජාතික ජන බලවේගය මගින් ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධානය කරන මැයි රැළි කොළඹ, අනුරාධපුරය, යාපනය සහ මාතර යන දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන මැයි මස 1 වැනිදා ' රට හදන විසඳුමට ජනබලය එක පෙළට ' යන මැයෙන් අනුරාධපුර මැයි පෙළපාලිය අනුරාධපුර ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානය අසලින් සවස 2.00ට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ජනතාව සහභාගී වීමට නියමිතව ඇති අතර එදින සවස 3.30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී මැයි දින රැළිය ආරම්භ වනු ඇති.
(xanin.lk)