මාලිමා ආණ්ඩුවෙන් ඇප නැතිව ණය දෙන බැංකුවක් බිහි කරනවා - අනුර කුමාර

July 02, 2024 - 11:52 AM
ජාතික ජන බලවේග රජයක් යටතේ තරුණයින් අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උන්මාදයක් ඇති කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ප්‍රකාශ කර තිබෙනවා.

එම තරුණයන් සඳහා මූලික ප්‍රාග්ධනයක් ඇප නැතිව ලබාදීම සඳහා තම රජයක් යටතේ නව සංවර්ධන බැංකුවක් බිහි කරන බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ  කැකිරාව නගරයේ පැවති එම පක්ෂයේ අනුරාධ දිස්ත‍්‍රික් තරුණ සමුළුවක් අමතමින්.

(xanin.lk)