මෛත්‍රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි

April 25, 2024 - 4:22 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඒ, අමාත්‍ය අමරවීර මහතා විසින් අප්‍රේල් 22 සහ 24 යන දිනවල මාධ්‍ය වෙත කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින්.

ඒ අනුව අදාළ ප්‍රකාශවලින් හිටපු ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ අඩංගු බවත් ඉන් සිදු වන අලාභහානියක් හෝ අපහාසයක් සඳහා වන්දි සිරිසේන මහතාට දින 14ක් ඇතුළත ලබා නොදුනහොත් අමාත්‍ය අමරවීර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එහි සඳහන් වනවා.

(xanin.lk)