මෛත්‍රීගේ තහනම් නියෝගය දීර්ඝ කෙරෙයි

May 09, 2024 - 11:07 AM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මැයි 29 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ පැමිණිල්ලක් අද අධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ ඒවා නම් ගොනු කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

(xanin.lk)