ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය ස්ථානය මාරු කරයි

May 27, 2024 - 12:20 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදු කරගෙන යාමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වනවා.

පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු හේතුවෙන් ස්ථිර ස්ථානයක සිය ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ නොහැකි බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙනුවට කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටන බවත් ඒ අනුව නව දේශපාලන මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් දිවයින පුරා සිටින දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

(xanin.lk)