ආණ්ඩුවේ වැඩපිළිවෙල අනුමත නොකරන බව මහින්ද කියයි
May 17, 2024 - 11:18 AM
ආණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙල තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙලට තරයේ විරෝධය පළ කරන බවත් ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇති බැවින් ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑම වෙලාවක සූදානමින් සිටින බවත්ය.
(xanin.lk)