පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට සැරසෙයි
May 14, 2024 - 2:56 PM
පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගත් නාමයෝජනා අවලංගු කිරීමට සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ලබන වසරේදී පළාත් පාලන මැතිවරණය පැවත්වීම සඳහා අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බවත් ඔහු කියා සිටියා.
එම නාමයෝජනා භාර ගත් රජයේ සේවකයින්ට රැකියාවල නිරතවීම සහ වෙනත් කටයුතුවලදී ඇති වන විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට කරුණු ඉදිරිපත් වන නිසා එම නාමයෝජනා අවලංගු කිරීමට දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම පළාත් සභා ඡන්දය දැනට තිබෙන අවුල් සහිත ක්‍රමය වෙනුවට පෙර පැවති ලබන වසරේ පැවැත්වීමට නීතිපති, මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ නායකයින් සමගත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස අග්‍රාමත්‍යවරයාට දැනුම් දුන් බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
(xanin.lk)